කුරුණෑගල පොල්පිතිගම සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්රහණයක් අත් කරගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ සහාය වන කණ්ඩායම් කොට්ඨාස 25 ක් සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඉන් කොට්ඨාස 23 කම ජයග්රහණයක් අත්පත් කරගෙන ඇත.
එහි සමස්ත ප්රතිඵලය තුළ නියෝජිතයන් 130න් 94ක්ම ජනතා විමුක්ති පෙරමුණද, සමගි ජන බලවේගය 20ක් සහ පොදුජන පෙරමුණෙන් 16ක් ලෙස බෙදී ගොස් ඇත.
පොල්පිතිගම සමුපකාර සමිතියට සභිකයින් එකසිය තිස් දෙනෙකු තෝරාගැනීමට කොට්ඨාස තිහක් සඳහා මෙම නිළවරණය පැවැත්විණ.