ජනතාවට සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන දිනය දැනුම්දෙයි.!

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සදහන් කරයි.

රටේ දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වාර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කිරීමට මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close