මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව රටේ ජනතාවට දැනුම්දීමක් කරයි.
ඒ නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් ගැන දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.
එම කිරුම් මිනුම් උපකරණ වල ප්‍රමිතිය ගැන (0112182253) යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක සදහන් කරයි.
ඒ අනුව ජනතාවට දැනුම්දීම සදහා එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බව අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක තවදුරටත් සදහන් කරයි.