පළමු වතාවට ලෝකයේ කිසිදු පුද්ගලයෙක් රස බලා නැති පළතුරක් ජපානයෙන්.!

ලෝකයේ ජනතාව මෙතෙක් රස බලා නොතිබූ පළතුරක් ජපාන ගොවීන් විසින් ජපානයේ වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු වතාවට ජපාන වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වන අතර ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් දෙමුහුම් පළතුර නිපදවා ඇත.

මෙම නව පළතුර ආහාරයට ගන්නා ඕනෑම අයෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බවත් මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බවද ජපාන ගොවීන් සදහන් කර ඇත.

මෙම ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30ක් වන අතර එය ලංකා මුදලින් රුපියල් 7000ක් පමණ වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close