අගවිනිසුරු චාරිත්‍රානුකූලව විශ්‍රාම යයි.!

වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය හා ගරුත්වය ආරක්ෂා කිරීම තමන් හමුවේ පැවරි තිබු ප්‍රබල අභියෝගයක් බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය සදහන් කරයි.

විනිසුරුවරුන් එම විශ්වාසය හා වගකීම උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරු මඩුල්ල අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක වීමට බෙහෙවින් බලපාන බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය සදහන් කරයි.

අද (29) දින ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරියට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී පවත්වා ඇති අතර එහිදි දේශනයක් සිදුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මේ බව සදහන් කරයි.

සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවයට අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.