ජෙරම් ප‍්‍රනාන්දු සමග රාජපක්ෂ පවුලේ සමීප සබඳතා.!

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සහ එම ආගමික නිකායේ නායකයා වන සිම්බාබ්වේ ඌබට් ඒන්ජල් නම් ජාත්‍යන්තර ජාවාරම්කරුවා සමඟ රාජපක්ෂවරුන්ගේ සමීප සම්බන්ධයක් ඇති බවට සර්වපාක්ෂික අරගලකරුවෝ සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම සංවිධානයේ නියෝජිතයකු වන නිරෝෂන් විතානගේ චෝදනා කරනුයේ රාජපක්ෂවරුන් විශාල ආගමික හා ජාතිවාදී ගැටුමකට සැරසෙමින් සිටින බවයි.

මේ අතර ජෙරම් ප‍්‍රනාන්දු විසින් රටේ ආගම් වලට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

දේවගැති ඌබට් ඒන්ජල් හා ජෙරොම් ප්‍රනාන්දු සමඟ තමනට කිසිදු සම්බන්ධයක් නැති බවත් අගමැතිව සිටියදී තමා හමුවීමට අවස්ථාවක් දෙන ලෙස ජෙරොම් ප‍්‍රනාන්දුගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කළවිට එම අවස්තාව ලබාදුන් බවද මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
RSS