ලංකාවේ ආර්ථිකය පසුබෑමත් සමග ලක්ෂ පහක් රැකියා වලින් ඉවත් කරයි.!

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් පසුගිය (04) වැනිදා නිකුත් කර ඇති වාර්තාවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන් අහිමි වී ඇති බව සදහන් කර ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8% කින් පසුබෑමකට ලක් වූ බවත් යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයේ බාධාවන් හේතුවෙන් ලංකාවේ ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල දැඩි පසුබෑමක් ඇතිවු බවද වාර්තාවේ සදහන් කර ඇත.

එම නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඇති වූ දැඩි පසුබෑම හමුවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන් අහිමි වී ඇති බවද ලෝක බැංකුව පසුගියදා නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් කර ඇත.

පසුගිය 2022 වසරේ දැඩි ආර්ථික පසුබෑම හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට වන්දි ගෙවීමට පවා ශ්‍රී ලංකා රජයට නොහැකි වූ බවද එම වාර්තාවේ පෙන්වා දෙයි.

සිය ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් පැවැති දැඩි ආර්ථික පසුබෑමත් හේතුවෙන් ලංකාවේ ජාතික මට්ටමේ දරිද්‍රතාවය සියයට 25%ක් දක්වාත් ග්‍රාමීය මට්ටමේ දරිද්‍රතාවය සියයට 15%ක් දක්වාත් වර්ධනය වූ බවද එම වාර්තාවේ පෙන්වා දී ඇත.

එම තත්ත්වය හේතුවෙන් වතුකරයේ ජනතාවගෙන් සියයට 52%ක් උග්‍ර දරිද්‍රතාවයකට පත්ව ඇති අතර එය ජාතික මට්ටමින් සමාජයේ ඇති නැති පරතරය හෙවත් අසමානතාවය වර්ධනය වීමට හේතු වූ බවද එම වාර්තාවේ සදහන් කර ඇත.

දැඩි ආර්ථික පසුබෑම හේතුවෙන් පසුගිය 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 8.1ක්ව පැවැති වෙළෙඳ ශේෂය 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් දක්වා පහත බැස ඇති බවත් එම වෙළෙඳ ශේෂයේ පහත බැසීම වර්තමාන තැන්පතු සංචිතය පහත බැසීමටද හේතු වු බවද එම වාර්තාවේ සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close