ජොන්ස්ටන් එංගලන්තයේ සොරකමකටත් ගෑවෙයි.!

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව හෙළිවී ඇත.

අදාළ මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී 2021 වසරේදී එංගලන්තයෙන් සොරකම් කරන ලද රථයක් බවට අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු වාර්තා කළේය.

මෝටර් වාහනය සොරා ගන්නා ලද අංක තහඩුවක් සමග භාවිතා කර ඇති බවත් එය මෙරටට ආනයනය කල එකක් නොවන බව රේගුවේ දත්ත පද්ධතිය හරහා හෙළිව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද බව පැවසුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බව ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ නීතිඥයා අධිකරණයේදී සදහන් කළේය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments