පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා සැකසීම සදහා මූලික සාකච්ඡාවන් අද දින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් කුරුණෑගලදී පැවැත්විය.
මෙහිදී පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත්, ශාන්ත බණ්ඩාර, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියේය.
තවද කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් හා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

