ගංජා ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටීම යටතේ ඊයේ (8) දිනයේ බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කර ඇත.
එම චෝදනාවන්ට ලක්ව ඇත්තේ බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනකු බවත් මේ වනවිට, එම පිරිසේ වැඩ තහනම් කර ඇති බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට පත්ව සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරු රඳවා තිබූ සිර මැදිරිය තුළ ගංජා ග්‍රෑම් 28 ක් සහ ලයිටරයක් තිබී සොයාගෙන ඇති බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.