By unusuma.lk on
(LK time)අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් අතහැර දමා ගොස් තිබූ එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය එහෙ ගෙනවිත් ඇත්තේ ගාමිණී අබේරත්න හෙවත් ‘ටැක්සි අබේ’ නමැත්තා විසින් බවයි.
ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ නමැත්තා මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ගාමිණි අබේරත්න නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
හිල්ටන් හෝටල් කළමනාකාරිත්වය විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ කාලයක සිට ගාමිණි අබේරත්න නමැත්තා තම හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ජනාධිපතිවරණයට පෙර සිටම මෙම මෝටර් රථය හෝටලයේ රථ ගාලේ නතර කර තිබූ බවත්ය.
කෙසේවෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයල් ලබා දීමට පැමිණෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දී තිබුණ ද හිටපු ඇමැතිවරයා පවසා ඇත්තේ තමා අසනීප වී සිටින බැවින් පසුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවයි.