ජොනීට වැඩ වරදී.. ටැක්සි අබේ සියල්ල වමාරයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය හිටපු ඇමැතිවරයා විසින් වසර දෙකක් පමණ භාවිත කර ඇතැයි විමර්ශන නිලධාරීන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ එම කාර් රථය සම්බන්ධයෙන් තෙල්දෙණිය, කෙංගල්ල වීදිය පදිංචි ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ නමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි.

කෙසේවෙතත් ටැක්සි අබේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුනේ තමා වාහන, ඉඩම් විකිණීමේ ව්‍යාපාරිකයකු බවත්, දැනට වසර 08 ක පමණ කාලයක සිට හිල්ටන් හෝටලයේ 09 වන මහලේ කාමරයක නවාතැන් ගෙන සිටින බවත්ය.

ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයට පෙර දිනයේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු තමාට දුරකථන ඇමතුමක් ලබාදී හිටපු අමාත්‍යවරයාට අයත් කාර් රථයක් ටික දවසකට නතර කර තැබීමට ස්ථානයක් සොයා දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම මෝටර් රථය හෝටලය වෙත ගෙන ආ බවත් ය.

එමෙන්ම තමා නුවර සිටියදී හිටපු ඇමැතිවරයාගේ රියදුරකු විසින් කාර් රථය රැගෙන විත් හෝටලයේ තමාගේ වාහනය නතර කරන අංක 09 දරන ස්ථානයේ ගාල් කළ බවත් එම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කළු පැහැති කාර් රථය වසර දෙකක පමණ කාලයක සිට හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු භාවිත කරන බව තමා දැනුවත් බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.