ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් බවත් එම නිසා ලංකාවේ ඕනෑම තැනක මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීමට තම පක්ෂයට හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.
ඉදිරියේදී තම පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සදහන් කරයි.
තම පොදුජන පෙරමුණ පක්ෂයේ මැයි දින රැලිය කොළඹ බේරේ වැව මතුපිට වේදිකාවක වුවද පැවැත්විය හැකි බවත් එයට බය නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කරයි.