අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් පවත්වා ඇත.
එම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් එක් කළ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා රැසක් ඉදිරිපත් කළ බව සඳහන්.
එම සාකච්ජාවේදී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Herkese selam hayatımda hiç bu kadar fevk işlemlerini bu kadar iyi yapan bir medyum görmemiştim Allah razı olsun