දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීර අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාම ඉඳිකටුවලින් ඇන රුධිරය පිටතට ඒමට සලස්වා ලිංගික හිංසනයක් සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.
දැරිය සිය මව හා නැන්දණිය සමග වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීම සදහා මොවුන් බෙන්තොට දේවාලයට ගෙන්වා ඇත.
දැරියගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟතාව මත කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ඇත.
පසුව දැරියට හිංසා කර ඇති බව පියාට සදහන් කර ඇති අතර අනතුරුව මෙම දැරිය සමග ඇගේ පියා අලුත්ගම පොලීසියට පැමිණිලි කර ඇත.
අලූත්ගම පොලිසිය බෙන්තොට පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසියට ලද පැමිණිල්ල ඔස්සේ දේවාලය පිළිබඳ විමර්ශන සිදුකර එම කපුවා පොලිස් භාරයට ගෙන ඇත.