අමෙරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර වංචාවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණේය.
ඒ අනුව අද (06) දින එම නඩුව කැදවු අවස්ථාවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කරයි.
විත්තියේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත.