පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ.
රටේ විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වුවත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවත්, එය වත්මන් මෙන්ම, අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එමෙන්ම තවදුරටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා එම කුමන්ත්‍රණය හෙළිවන තුරුම තම ව්‍යායාමය අත් නොහරින බවද පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.