අද (27) දිනයේ දිවයින පුරා ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කරයි.
ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර යන පළාත්වලත්, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එනිසා සෑම විටම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති සිසිල් ස්ථානවල විවේක ගැනීමට කටයුතු කරන ලෙසත් පවුලේ වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද එළිමහනේ වැඩි වේලාවක් ගැවසීමෙන් වළකින ලෙසත් අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත් කුඩා දරුවන් වාහනවල තනියම රඳවා නොයන ලෙසද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට තවදුරටත් සදහන් කරයි.