මේ දිනවල පවතින උණුසුම් කාලගුණය පිළිබඳව දිස්ත්‍රික්ක 08කට කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය බලාත්මක බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් එම තත්ත්වය අවදානම් බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දෙපාර්තමේන්තුව ජනතාවට තවදුරටත් සදහන් කළේ, වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.