අද (06) දිනයේ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු එහි මෘත ශරීරාගාරය වෙත භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36ක ධාරිතාව ඉක්මවා බාහිරින් රැගෙන එන නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකොට අතහැර දමා තිබීම ඇති බව සදහන් කරයි.
එලෙස මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ, මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් ශීතකරණ දෙකක් අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කළ අතර ඉතිරි 34න් 28ම මාස 14 තිස්සේ එම මළ සිරුරු 28ක් තිබීම හේතුවෙන්ය.
අනතුරුව මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (05) දින ලිඛිතව දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.