වත්මන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනපතිගේ උපදේශකයෙකු වන රුවන් විජයවර්ධන විසින්ය.
පසුගිය අරගල සමයෙහි ජනාධිපති මැදුර අරගලය අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන වලට අරගලකරුවන් කඩා පැනීම වැලැක්වීමට ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියා නොකිරීම ගැන චෝදනා එල්ල විය.
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇත්තේ විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක බවද වාර්තා වේ.