ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් නඩු පවරා ඇත.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් තම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත්තේ තමන් ඉලක්ක කරමින් මෙම පිරිස විසින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කර ඇති බවයි.
චමුදිත සමරවික්‍රම විසින් සිදුකරන ලද වැඩසටහනකදී සහ ඔහුගේ සමාජ ජාල ගිණුම් ගණනාවකම තමන් ඉලක්ක කරගෙන අපහාසාත්මක කරුණු ප්‍රචාරය කර ඇතැයිද ආරක්ෂා ලේකම් කමල් ගුණරත්න සදහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සහ සමාජ ජාල ගිණුම් හරහා තමන්ගේ කීර්ති නාමයට හා ප්‍රතිරූපයට හානියක් වූ බැවින් වන්දි මුදල ගෙවන ලෙස නියෝග කරන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.