කම්කරු නීති වෙනස් කර පැය අටේ වැඩ දිනය වැඩි කරන්න සැරසෙයි.!

දවසක පැය අටේ වැඩ දිනය අහෝසි කර වැඩි පැය ගණනක් වැඩ කිරීමට රජය විසින් යෝජනා කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.

ලංකාවේ පවතින කම්කරු නීතිය වෙනස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව සහ කම්කරු අමාත්‍යාංශය මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවද ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.

රජය විසින් ගෙන ඒමට සුදානම් වන මෙම යෝජනා මගින් තවදුරටත් සිදුවන්නේ රටේ කම්කරු අයිතිවාසිකම් පොඩිපට්ටම් වීම බවද ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.

තවද ඕනෑම මොහොතක සේවකයෙක් සිය රැකියාවෙන් ඉවත් කිරීමට හැකි වන ලෙස නව නීති සකස් කිරීමට උත්සාහයක් දරන බවට තොරතුරු වාර්තා වන බවද ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close