මේ වන විට වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබාදෙන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා වැවැලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි සදහන් කරයි.
දෛනික නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හොත් කම්කරුවකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි යැයිද මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි සදහන් කරයි.
ඒ අනුව දෛනිකව නොලන දළු ප්‍රමාණය වැඩි කරගන්නේ නම් ඔවුන්ට මසකට රුපියල් 50,000 ඉක්මවූ වැටුපක් ලබාගත හැකි බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි සදහන් කරයි.
එනිසා එම පළදායිතාවය මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයත් වතු වෘත්තීය සමිතිත් සහාය ලබාදිය යුතු බවද මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි තවදුරටත් සදහන් කරයි.