හැකි ඉක්මනින් භූ කම්පන මාන සවි කරන්න.. කොළඹ සිට අසාමාන්‍ය රේඛාවක් පොලව යටින්.. අවදානයෙන් සිටින්න.!

ශ්‍රී ලංකාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට පොලව යට දිව යන අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාවක් 1966දී හන්ටර් සර්වේයර් සමාගම මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මඟින් හඳුනාගෙන තිබූ බව භූගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි.

ඒ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාව කුමක්දැයි චන්ද්‍රිකා මගින් හඳුනාගෙන නොතිබූ බවත් එවැනි කරුණු පිලිබදවද අධ්‍යනය කළ යුතු බව බව භූගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි.

මේ වනවිට කොළඹ හා ආසන්න ප්‍රදේශයන් ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවිකර නැති ස්ථානයන්හි ඉක්මනින් ඒවා සවි කළ යුතු යැයිද භූගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මෙම කම්පන මාන සවි කිරීම පමණක් නොව ලංකාවේ සිදු වූ භූ කම්පන ගැන දත්ත රැස් කිරීම ආරම්භ කළ යුතු බවත් භූ කම්පන ඇතිවීමේ යම් ප්‍රවණතාවක් මේ වන විට ඇතැයි බැලූ බැල්මට පෙනී යන නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද මහාචාර්යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close