ඉන්ධන මිලේ වෙනසක් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්.!

විදුලි මිල සංශෝධනයේදී රටේ සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට පමණ සියයට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

රටේ නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වනවිට නිර්මාණය කර තිබෙන බවද අද (04) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගතවූ සමාගම් දෙකෙන් එක් සමාගමක පළමු ඉන්ධන නැව මෙම මස අවසානයේ පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම්කරුවන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,

“ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ආනයන කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම සිදු සිදුකරමින් තිබුණා. ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා නව ආයතන දෙකක් සංස්ථාව සමඟ ගිවිසුම්ගත වී සිටිනවා.

එම සැපයුම් කටයුතු මෙම මාසය අවසන් වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔවුන් දැනුම් දී තිබෙනවා. ඔවුන්ගේ පළමුවන ඉන්ධන නැව ජුලි මස අවසානයේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් මේ වන විට ඉන්ධන හල් 150ක් පමණ ලියාපදිංචි වී අවසන්.

ඔවුන්ගෙ ඉන්ධන නැව ලංකාවට පැමිණි පසු ඉන්ධන බෙදාහැරීම ‘සිපෙට්කෝ‘ නාමය යටතේ සිදු කළත් එම බෙදාහැරීම් පසුව ඔවුන්ගේ සමාගමේ නාමය යටතේ සිදු වෙනවා. ඉන්ධන බෙදාහැරීම මේ සමාගම් වලට ලබා දෙන විට මුදල් අමාත්‍යංශය මගින් ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 50ක බද්දක් අය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ හරහා ඉන්දියානු ණය, ඉරාන ණය ගෙවා අවසන් කිරීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන ණය කඩිනමින් ගෙවා අවසන් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close