ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 360 වැඩසටහන සමග එක්වෙමින් සදහන් කරයි.
එම විදෙස් එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,
“ගිවිසුම්වලට එළඹීම කියන තත්ත්වය දක්වා ගිහින් තියෙනවා. මම හිතනවා ඉදිරි සති තුන ඇතුළත ගිවිසුම්ගත වීමක් සිදුවෙනවා. ඒ වගේම ඒ ආයතන ඉල්ලීමක් කරලා තියෙනවා, කඩිනමින් මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලබාදෙන්න කියලා.
ඒ අනුව ඉදිරි මාස 2ක තුළ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට නියමිතයි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ, ඉන්ධන බෙදාහරින දැනට තියෙනවා පිරවුම්හල් ගත්තහම 1,142ක්. මේකෙන් පූර්ණ හිමිකම තියෙන්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරවුම්හල් 234යි. ඉතුරු පිරවුම්හල් 908 තියෙන්නේ පෞද්ගලික බෙදුම්කරුවන්ට.
පිරවුම්හල් 908න් 450ක් තමා අනෙක් සමාගම් තුනත් එක්ක කටයුතු කිරීමට යෝජනා කරන්නේ. ඊට අමතරව ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේම පිරවුම්හල් හැටියට. ඒ කියන්නේ ඔවුන්ට භූමිය තියෙනවා නම් අලුතින් පිරවුම්හල් ඉදිකිරීම සඳහා. හැම සැපයුම්කරුවෙක්ටම අලුතින් 50ක් ඉදිකර ගන්න. ඒ සැපයුම්කරුවන්ට ඉන්ධන පිරවුම්හල් 200ක වෙළෙඳපොළක් තමා ඔවුන්ට හිමිවෙන්නේ.”