තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් කඩාවැදුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු එම පුද්ගලයින් සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
යළිත් එවැනි අනාරක්ෂිත තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව ඉන්ධන ගබඩාකරන හා බෙදාහැරීම් සිදුකරන සියලු කලාප වලට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එමගින් රටේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවූ අතර එම පිරිස් හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට හා එදින ආයතනයට හා බෙදුම්කරුවන්ට සිදුවූ අලාභය ගණනය කර එම පුද්ගලයින්ගෙන් මුදල් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.