මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ තීරණය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක විසින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා යවනු ලැබූ ලිපිය ඔහුගේ අභිමතය පරිදි යොමු කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
තවද මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව යොමුකර ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
එනිසා කොමිසමේ සභාපති ජනක රත්නායක සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය අදාල චෝදනා පත‍්‍රයට ආණ්ඩු පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එකග වී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
රට පුරා අඛණ්ඩව විදුලි ලබාදීමට හැකියාව තිබියදී විදුලි බල මණ්ඩලය එසේ නොකරන බවට සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.