ඇමති කංචනගෙන් ප්‍රකාශයක්.!

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (18) දින සදහන් කරයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ආදී ජාත්‍යන්තර ආයතනවල සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටද අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තවද මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වනවිට සම්පුර්ණ කිරීමටද අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

ඒ අනුව එළඹෙන මැයි මස අවසන් වනවිට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close