රටේ පසුගිය සතිය තුළ (QR) කේතය මගින් ඉන්ධන ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු පසුබිමක ඉන්ධන ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඉල්ලුම වැඩි වී තිබෙන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු (QR) කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
මෙම උත්සව සමයේ තවදුරටත් පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කරයි.