එන්නත විස වු තවත් දෙදෙනෙක් හමුවෙයි.!

පසුගිය දා මහනුවර පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය තරුණියට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාගත් දෙදෙනෙක්ටද ආසාත්මිකතා මතු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

එම ප්‍රතිජීවක ඖෂධ තොගය පේරාදෙණිය සහ මහනුවර ජාතික රෝහල යන රෝහල් දෙකෙන් තාවකාලිකව ඉවත් කළ බවත් ආසාත්මිකතා වලට පත්වූ රෝගීන් මේ වනවිට හොඳින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

එම ඖෂධය රෝගියෙකුට ලබාදීමෙන් අනතුරුව කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම රෝගියා මිය ගියත් එවැනි වෙනත් සිද්ධීන් වාර්තා වී නොතිබූ බැවින් එම ඖෂධය දිගටම භාවිතා කිරීමට තීරණය කර තිබුනත් මහනුවර ජාතික රෝහලේදී එම ඖෂධය ලබාදුන් තවත් රෝගීන් දෙදෙනෙකුට අසාත්මිකතාවයන් ඇතිවී තිබෙන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

මහනුවර ජාතික රෝහලේදී ආසාත්මිකතාවයන් වලට ගොදුරු වු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් නැවත ප්‍රකෘති තත්වයෙන් සිටින බවත් මහනුවර ජාතික රෝහලට සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු දිවයිනේ අනෙකුත් රෝහල් වලට මෙම ඖෂධයේ කාණ්ඩ 10 කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පැමිණ පේරාදෙණිය ශික්ෂණ රෝහල, බණ්ඩාරනායක ළමා රෝහල, දන්ත රෝහල සහ මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව සදහන් කරයි.

Loading

RSS