කංසා වගාව ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්.!

ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කරයි.

එලෙස ආයුර්වේද ක්ෂේත්‍රයට අදාලව වගාකිරීම සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස්වරයා රෙගුලාසි පැනවිය යුතු බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ වගාකිරීමට බලය ලබාදෙන බවයි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි තවදුරටත් සදහන් කළේ,

“නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close