ශ්‍රී ලංකාවේ පනවා ඇති නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංගා (පුවක්) ජාවාරමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකරයි.
රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් ආදායම් ලබන ක්‍රියාදාමයක් වන පුවක් වගාව වසරකට මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කර ඉන් මෙට්‍රික් ටොන් 4000ක් පමණ මැදපෙරදිග රටවලට අපනයනය කරන බවද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
ඉන්දීය ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අයිතම 4000ක් ඉන්දීය වෙළෙඳ පොළට අපනයනය කිරීමේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රභව ස්ථාන සහතිකයක් ලබාදෙන බවද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රට වලින් පුවක් ආනයනය කර අගය එකතු කිරීමකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමක් සිදු කරන බවද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
එහෙත් මේ මොහොත වන විටත් කොළඹ වාරායේ කන්ටේනර් 39ක් මෙරටට ආනයනය කර ඇති බවත් තවදුරටත් මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වන බවද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
එමගින් රටේ දේශීය නිෂ්පාදකයන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් එය නතර කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
තවද මෙලෙස ප්‍රමිතියකින් තොරව මෙරටට අපනයනය කිරීමෙන් අප රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ බැල්ක් ලිස්ට් විය හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් සදහන් කරයි.