By unusuma.lk on
(LK time)ඊයේ (08) දින සුරාබදු කොමසාරිස් නිලධාරීන් විසින් ජා ඇල, මුතුරාජ වෙල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලන ලදි.
මෙම වැටලීම් සිදු කරනු ලැබුවේ බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස්, කොළඹ නගරය සුරා බදු අධිකාරී, කොළඹ නගරය සුරා බදු කාර්යාලයේ ස්ථානාධිපතිගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් කොළඹ නගරය සුරා බදු ස්ථානයේ හා 1913 සුරාබදු මෙහෙයුම් මැදිරියේ සුරාබදු නිලධාරීන්ගේ මූලිකත්වයෙනි.
මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු නීති විරෝධී ස්ප්‍රිතු විනාශ කළ බව වාර්තා වෙයි.
රාබදු කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.