කටාර් රැකියාවට යන අයට දැනුම්දීමක්.!

එරට කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව සදහන් කරමින් මුදල් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් කරයි.

කටාර් රාජ්‍යයේ මුදල් දෙන බව පවසා අදාළ කාන්තාවන් රුපියල් ලක්ෂ 06ක මුදලක් වංචා කර ඇති බවත් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරටත් සදහන් කළේ, එම සැකකාරියන් අවුරුදු 31ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන් වන බවත් පැමිණිලිකරු අවස්ථා කිහිපයකදීම සැකකාරියන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවයි.

එම සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close