පොලීසියට බියවී ත්‍රීරෝද රථය මහවැලි ගඟට දමා පලායයි.!

අනතුරක් සිදුකර පලාවිත් කටුගස්තොටදී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා පලාගිය ගිය ත්‍රිරෝද රථ රියැදුරා සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සැකකරු රියදුරු බලපත්‍රයක් නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථය පේරාදෙණිය නගරයේදී පුද්ගලයෙක් අනතුරට ලක්කර පලාගොස් කටුගස්තොට මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය ගඟට පෙරලා දමා ඇත.

මෙම සකකරු අනතුරින් පසු ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමන අයුරු ඒ අසල තිබූ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබෙන බවත් එම පෙරළා දැමූ ත්‍රීරෝද රථය කටුගස්තොට පොලීසිය සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close