ජනපති දැඩි තීරණයක් ගනී.. ලොකු ලොක්කන්ට වැඩ වරදී.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි කටුනායක ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති අතර ඊට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී ඇත.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතියද ප්‍රභූ පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කර ඇත.

කටුනායක ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීමට ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රේගුවට සදහන් කර ඇත්තේ එම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසටයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close