කෙහෙළියට තවත් බාල්දියක්.. මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවයි.!

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසුව බිංදු වශයෙන් භාවිත කරන “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්” ඖෂධය හේතුවෙන් සදාකාලිකවම ඇස් පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත් හා රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට, ජීවිතවලට ඇති වූ තර්ජනයන් සම්බන්ධව රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එන්තරවාසියක් යොමුකර ඇත.

වින්දිතයෙක් වු මක්කාරි රාජරත්නම් ඉන්වික්ටස් නීතිඥ සමාගම හරහා කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න, වෛද්‍ය විජිත් ගුනසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමට එරෙහිව එන්තරවාසිය යොමුකර ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට බන්ධනාගාර ගතකර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement