මෙරටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එළඹෙන (22) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර පස්වැනි සැකකරුව ඇප මත මුදාහැර ඇත.