අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුවක් විභාගයට ගැනීම සදහා අගෝස්තු මස (29) වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය විනිසුරුවරයා නියෝග කර ඇත.
එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රුබසිංහ සහ හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේට එරෙහිව අල්ලස් කොම්සම මෙම නඩුව ගොනුකර ඇත.
පසුගිය 2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා GI බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.