කෙහෙළියට මහාධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම සම්බන්ධව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දුවක් ලබාදී ඇත.

බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය එළඹෙන අප්‍රේල් මස (03) වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ලබාදී ඇත.

ඇප අයැදුම්පත්‍රයේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් කරන්නේද, එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවසර ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව එහිදී ලබාදීමට නියමිතය.

Loading

RSS