බාල බෙහෙත් ගෙන්වු කෙහෙළියගේ නම රටට අපකීර්තියක්.. වහාම ඉවත් කරයි.!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නමින් නම් කර තිබූ පාසලකින් ඔහුගේ නම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය ලබාදී ඇත.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යූහ කමිටුව මගින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉදිරියට එම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දෙමව්පියන්, වෘත්තීය සමිති වෙතින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන එම දෙපාර්තමේන්තුව මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

වැසීයාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පසුගිය 2012 වසරේදී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකර සංවර්ධනය කළේය.

Loading