අලුතින් ඉදිකළ නව කැලණි පාලම අනතුරේ.!

ණය ආධාර මත අලුතින් ඉදිකළ නව කැලණි පාලමේ රුපියල් කෝටි 28කට පමණ අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ගලවාගෙන ගොස් ඇති බව අණාවරණය වී ඇත.

මත්කුඩුවලට ඇබ්බැහිවූවන් විසින් තඹ කම්බි ගලවා ගැනීමට කෝන්ක්‍රීට් ආවරණය රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමා ඇති බවත් එම නිසා මේ වනවිට නව කැලණි පාලම ඉතාම අනතුරුදායක තත්ත්වයක පවතින බවට අණාවරණය වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) වනදා රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

තවද කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා මත්කුඩු වලට ඇබ්බැහිවූවන් විසින් කපාගෙන ගොස් ඇති බවද ජාතික ආරක්ෂක කවුන්සිලයේදී අණාවරණය වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close