අවශ්‍ය නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයක් අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සදහන් කරයි.
විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමත් සමග ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමි වනු ඇති බවද විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සදහන් කරයි.
එම නැප්තා තොග රටේ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බවද විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය තවදුරටත් සදහන් කරයි.