සුරාබදු නිලධාරීන් 4ක් අත් අඩංගුවේ.. ජයටම ගෙන ගිය ජාවාරම මාට්ටු.!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව සහ හලවත ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් සමඟ සුරාබදු නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සොයාගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 45කට ආසන්න බව පොලිසිය පැවසීය.

පොලිසිය විසින් කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බවයි.

එමෙන්ම විමර්ශනවලින් අනතුරුව මෙම ක්‍රියාවට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close