ජංගම දුරකථනයක් හේතුවෙන් පෙර පාසැල් සිඟිත්තියට දිවි අහිමි වෙයි.!

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවැසියන් සඳහන් කරන්නේ ඇය දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යෑමේදී මෙසේ විදුලි සැර වැදී ඇති බවයි, දැරිය විදුලි සැර වැදී බිම වැටී සිටුනු දැක ඇති නිවැසියන් වහාම ඇයව බේරුවල රෝහල වෙත ගෙන ගියත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මෘතදේහය බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

මරණය සම්බන්ධයෙන් පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement