මැරයින් පිරිසක් නිවසට කඩාවැදී තරුණ විවාහක කාන්තාවක් පැහැරගනී.!

හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් සිය විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

මෙම පැහැර ගැනිම පසුගිය (19) දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු මැරයින් පස් දෙනෙක් පැමිණ මෙම පැහැරගැනීම සිදුකර ඇති බව පරික්ෂණ වලදි හෙළිවු බව හලාවත මුලස්ථාන පොලිසිය සදහන් කරයි.

වෑන් රථයකින් පැමිණ තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති අතර එම පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයේ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි තරුණ විවාහක කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.

එම කාන්තාව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයේ එම තරුණයා සමග ඔහුගේ නිවසට හොර රහසේ පැන ගොස් තරුණයා සමග විවාහ වී ඇත. තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා පසුව විවාහ වු 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව මව්පියන්ගේ නිවසට පැමිණ ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම කාන්තාව පැහැර ගැනිමට පැමිණි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close