කිරි වර්ගයක් පානය කළ පෙර පාසල් දරුවන් 12ක් රෝහලේ.!

පෙර පාසලක දරුදැරියන්ට ලබාදුන් කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් මත දරු දැරියන් 12 දෙනකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රෙද්ශයේ පෙර පාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය, වමනය සහ බඩ රිදුම් ඇතුළු විවිධ රෝගී තත්වයක් හටගෙන ඇත.

අනතුරුව රෝහල්ගත කළ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close