අද (10) දින විගණන සේවා කොමිෂන් සභාවට අලුතින් පත් කල සාමාජිකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම විගණන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා තෝරාගෙන එම සාමාජිකයන්ගේ නම් ජනපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළේය.
මෙහි සභාපතිවරයා විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න වන අතර අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ.එම්.ධර්මජිත් නයනකාන්ත පත් කර ඇත.